Bendigo විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වු වික්ටෝරියා අගමැතිට දැඩි මහජන විරෝධයක්

Bendigo ප්‍රදේශයේ විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වු වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස්ට දැඩි මහජන විරෝධයක් එල්ල වී තිබේ.

වහා තනතුරෙන් ඉල්ලා අස්වන්නැයිද යෝජිත කොවිඩ් පණත හකුලා ගන්නැයිද ඔවුන් අගමැතිවරයාට බල කර සිටී.

උත්සවය අවසන් කර පිටත්ව යන අවස්ථාවේදීද විරෝධතාකරුවන් විසින් ඩැනියල් ඇන්ඩෲස්ට දැඩි විරෝධතාවයක් දක්වා ඇත.

වසංගතයක් පැමිණි අවස්ථාවකදී හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ බලතල අගමැතිවරයාට පැවරෙන නව පණත් කෙටුම්පතටයි ඔවුන් විරෝධය දක්වා ඇත්තේ.

මීට පෙර පැවති විරෝධතාවයකින් අනතුරුව වික්ටෝරියා අගමැතිවරයා කියාසිටියේ කුමන මහජන විරෝධයක් එල්ලවුවද පණත් කෙටුම්පත හකුලා නොගන්නා බවයි.

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රදේශවලට කාලගුණයේ හදිසි වෙනසක්

නිව් සවුත් වේල්ස්, වික්ටෝරියා සහ දකුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තය තුළ වාතයේ ශීත කාලගුණික තත්වයක් පවතිනු ඇති කාලගුණ අංශ දැනුම් දෙනවා.

Read More »