බටහිර ඔස්ටේ්‍රලියාවේ syphilis රෝගය වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළට

බටහිර ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශවල syphilis රෝගය වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

ලිංගිකව සම්ප්‍රේෂණය වන මෙම රෝගය ස්වදේශික ජනතාව අතර පැතිර යාම සීඝ්‍රයෙන් වැඩිවී ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

පළමු වරට 2014 වසරේදී බටහිර ඔස්ටේ්‍රලියාවෙන් syphilis ආසාධිතයෙකු හමුවූ අතර මේ වනවිට මුලු ප්‍රාන්තය පුරා සෑම ප්‍රදේශයකින්ම පාහේ ආසාධිතයන් හමුවී අවසන්.

කොවිඩ් වෛරසයත් සමග ඒ කෙරෙහි වැඩි වශයෙන් අවධානය යොමු කිරීම හමුවේ syphilis වැනි රෝග කෙරෙහි මහජන අවධානය අවම මට්ටමක පවතින බවටයි සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත්තේ.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සෞඛ්‍ය අංශ විසින් syphilis සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්ද ආරම්භ කර තිබේ.

ආසාධිතයන්ගේ ආශ්‍රිතයන් හඹා යාම කෙරෙහියි එහිදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ.

SOURCE : https://www.abc.net.au/news/2021-11-07/syphilis-spread-sexually-transmitted-infections-wa/100599118?utm_medium=social&utm_content=sf251044805&utm_campaign=fb_abc_news&utm_source=m.facebook.com&sf251044805=1&fbclid=IwAR07k91ycm3Tcc4yvcI0yvWaKdiI1UmgOfIelG_-7IQ4hzOaKlx82QGXMgs

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »