ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට සිංගප්පූරුවට ඇතුලුවීමට අවසර දී තිඛෙනවා.

ඒ අනුව පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලද ඔස්ට්‍රේලියානුවන්ට සහ ස්ථිර පදිංචි ලාභීන්ට මෙන්ම ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට නිරෝධායනය වීමකින් තොරව සිංගප්පූරුවට ඇතුළුවීමට ඉඩ ලැබේ.

එහිදී ඔවුන් ඔස්ට්‍රේලියාවෙන් පිටවීමට පැය 48 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය.

එමෙන්ම සිංගප්පූරුවට පැමිණි විටද එලෙස කොවිඩ් පරීක්ෂණයක් සිදුකළ යුතු අතර පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙනතෙක් ස්වයං නිරෝධායනය විය යුතුය.

අද සිට ඇමෙරිකාවට පැමිණෙන වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම සංචාරකයෙකු පූර්ණ කොවිඩ් එන්නත්කරණය ලබා තිබිය යුතු අතර තම රටින් පිටවීමට පැය 72 කට පෙර කොවිඩ් පරීක්ෂණයක් සිදුකර එහි ප්‍රතිඵල සෘණාත්මක බවට සනාථ කළ යුතුය.

නිරෝධායන අවශ්‍යතා ඇමෙරිකාවේ ඒ ඒ ප්‍රාන්ත රාජ්‍යයන් විසින් තීරණය කරනු ලැබේ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »