PHOTOS : සුනඛ පහරදීමකින් මෙල්බර්න් පාසලක 06 හැවිරිදි සිසුවෙකුට තුවාල

මෙල්බර්න් Tarneit හි Baden Powell College ඉගෙනුම ලබන 06 හැවිරිදි සිසුවෙකු සුනඛයන් දෙදෙනෙකුගේ පහරදීමට ලක්වීමෙන් බරපතල තුවාල ලබා තිබේ.

ඔහුගේ මුහුණට සහ මුඛයට මෙහිදී දැඩි ලෙස තුවාල සිදුවී ඇති බව සඳහන්.

පාසලේ විවෘතව තිබූ ගේට්ටුවකින් ඇතුළට පැමිණ ඇති සුණඛයන් දෙදෙනා එක්වරම Mahyar Tashnizi වෙත කඩා වැදී සපා කා ඇත.

අසළ සිටි තවත් සිසුවෙකු විසින් සුනඛයන් දෙදෙනා එළවා දමා Mahyar Tashnizi බේරාගෙන තිබේ.

Mahyar මේ වනවිට Royal Children’s Hospital හි ප්‍රතිකාර ලබන අතර සැත්කමකටද භාජනය කර ඇත.

Mahyar Tashnizi ගේ මව පවසන්නේ සිය දරුවාගේ ඇස අසළටම එක් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඇතැම්විට ඔහු අන්ධවීමට පවා ඉඩ තිබූ බවයි.

SOURCE : https://www.7news.com.au/news/vic/melbourne-boy-6-left-with-facial-injuries-after-being-attacked-by-two-stray-dogs-on-school-grounds-c-4434183

PIC – 7NEWS

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »