දේශගුණ විපර්යාසවලට එරෙහිව ඔස්ටේ්‍රලියාවෙන් ඩොලර් බිලියන 02 ක ආධාර

දේශගුණ විපර්යාසවලට එරෙහිව කටයුතු කිරීම සඳහා සිය පැසිෆික් කලාපීය මිතුරු රටවලට ඩොලර් බිලියන 02 ක ආධාර සැපයීමට ඔස්ටේ්‍රලියාව තීරණය කර තිබේ.

ඉතාලියේ පැවැත්වෙන දේශගුණ විපර්යාස සමුලුව අමතමින් අගමැති ස්කොට් මොරිසන් එය නිවේදනය කලේය.

2030 වසර වනවිට ඔස්ටේ්‍රලියාව තුළ කාබන් විමෝචනය සියයට 30 කින්ද 2050 වසර වනවිට මුලුමනින්ම ද කපා හරින බවටයි අගමැතිවරයා මෙහිදී සහතික වූයේ.

කාබන් විමෝචනය වැළැක්වීම සඳහා ඔස්ටේ්‍රලියාව වාර්ෂිකව වැය කරන මුදල ඩොලර් බිලියන 03 ක් පමණ වන බවටයි තක්සේරු කර ඇත්තේ.

මේ අතර 2070 වසර වනවිට කාබන් ඇතුලු වායු විමෝචනය මුලුමනින්ම නතර කරන බවට ඉන්දියාව ග්ලාස්ගොව් හි පැවැත්වෙන ලෝක දේශගුණ විපර්යාස සමුලුවේදී සහතික වී තිඛෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසිනුයි සමුලුව අමතමින් එම දැනුම්දීම සිදුකරනු ලැබුවේ.

කාබන් විමෝචනය කප්පාදු කරන බවට ඉන්දියාව විසින් ජාත්‍යන්තර සමුලුවකදී පොරොන්දු වූ පළමු අවස්ථාවද මෙයයි.

කෙසේවෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉලක්කය වන්නේ 2050 වනවිට එම ඉලක්කය සපුරා ගැනීමයි.

චීනය විසින් 2060 වසරේදීත් යුරෝපා සංගමය හා අමෙරිකාව 2050 වනවිටත් එම ඉලක්ක සපුරා ගන්නා බවට සහතික වී තිඛෙනවා.

pic – SYDNEY MORNING HERALD

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »