ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමේ සැළසුම මෙන්න

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ජාත්‍යන්තර සිසුන් ගෙන්වා ගැනීමට ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයද සූදානම් වෙයි.

ලබන වසරේ පළමු සිට ඒ සඳහා සිය ප්‍රාන්ත සීමා විවෘත කරන බව ප්‍රාන්ත රජය අද නිවේදනය කලේය.

සතියකට සිසුන් 250 ක් බැගින් පළමු අධියරේදී සිසුන් ගෙන්වා ගැනීමට නියමිත අතර Wellcamp හි ඉදිකෙරෙන නව නිරෝධායන මධ්‍යස්ථානයට ඔවුන් යොමු කෙරෙනු ඇත.

කෙසේවෙතත් මේ සඳහා පළමුවෙන් ෆෙඩරල් රජයේ අනුමැතිය ලබාගැනීමට සිදුවී ඇති බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සඳහන් කර සිටී.

ජාත්‍යන්තර ගුවන් යානා Wellcamp ගුවන් තොටුපළට ගොඩබැස්වීමට අවසර ගැනීමද එහිදී සිදුකෙරේ.

medical research සහ allied health පිළිබඳ හදාරන සිසුන්ට මෙහිදී ප්‍රමුඛතාවය හිමිවනු ඇත.

https://twitter.com/AnnastaciaMP/status/1452789367022313474?s=20

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »