ඔස්ටේ්‍රලියාවේ නිවාස ණයක් ගන්න සුදුසු ලබන 01 දාට කලින්ද ? පසුවද ? Current Affairs සමස්ත වැඩසටහන

ලබන පළමුවනදා සිට ඔස්ටේ‍රලියාව තුළ නිවාස ණය අයදුම් කිරීමේදී දැනට පවතින රෙගුලාසි කිහිපයක් සංශෝධනය වන අයුරු මීට දින කිහිපයකට පෙර AusලංකාTV වාර්තා කරන ලදී.

එහෙත් වෙනස් වන නීති කවරේද සහ ඒවා සාමාන්‍ය ජනතාවට බලපැවැත්වෙන්නේ කුමන ආකාරයකින්ද යන්න මෙවර Current Affairs හරහා සාකච්ඡා කෙරිණ.

ඒ සඳහා දායකත්වය ලබාදුන්නේ Jett Finance Group හි ප්‍රධාන විධායක නිළධාරී හා නිර්මාතෘ හසිත ධර්මසේන සහ Wisdom Group Financial services Director, Mortgage consultant ලසිත සමරතුංග යි.

නිවාස ණයක් ගැනීමේදී ඔබ දැන ගත යුතුම කරුණු පිළිබඳ එහිදී සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන ලදී.

හසිත ධර්මසේන මෙහිදී කියාසිටියේ ආයෝජනයක් වෙනුවෙන් නිවසක් මිළදී ගන්නේ නම් ලබන පළමුවනදාට පෙර නිවසක් මිළයට ගැනීම වඩාත් සුදුසු බවයි.

ලසිත සමරතුංග පැවසුවේ නිවාස ණයක් අයදුම් කිරීමට පෙර අනෙකුත් සියලු ණය වැනි දෑ අවම කරගැනීම යෝග්‍ය බවයි.

එවිට නිවාස ණය පියවීමේදී පහසුවක් අත්වනු ඇතැයිද ඔහු සඳහන් කලේය.

මෙවර AusලංකාTV Current Affairs සමස්ත වැඩසටහන පහතින් නරඹන්න.

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති සහ විදේශ ඇමති ජීවිතක්ෂයට

වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ ඇමතිවරයා මියගොස් ඇතැයි තහවුරු වී තිබෙනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් ඉරාන ජනපති මියගොස් ඇති බවට තොරතුරු

ඊයේ සවස වයඹ දිග ඉරානයේ කඳුකර ප්‍රදේශයක දී සිදු වූ හෙලිකොප්ටර් යානා අනතුරින් ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මියගොස් ඇතැයි සැක මතුවී තිබෙනවා.

Read More »