Search

Eastern Freeway දී තරුණියක අතරමග දමා ගිය DiDi රියදුරෙකු සම්බන්ධයෙන් විමර්ශන

සිය ගමනාන්තයට වඩා දිගු දුරකින් යුත් ස්ථානයක තරුණියක අතරමග දමා ගිය DiDi රියදුරෙකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වී තිබේ.

මෙල්බර්න් හි පදිංචි Julie නම් 26 හැවිරිදි තරුණිය පසුගිය සෙනසුරාදා Brunswick සිට Richmond දක්වා යාමට සැළසුම් කර ඇත්තේ ලොක්ඩවුන් තත්වය අවසන්වීම සැමරීමට මිතුරන් පිරිසක් හමුවීමට යාමේ අරමුණ ඇතිවයි.

සාමාන්‍යයෙන් මෙම ගමනට වැයවන කාලය විනාඩි 15-20 ත් අතර වුවද රියදුරා විසින් විනාඩි 40 කට වැඩි කාලයක් මේ සඳහා ගතකර ඇත.

ගමන ආරම්භ කර ටික වේලාවකින් මෝටර් රථය ගමන් කරනුයේ වැරදි මාර්ගයක බව තමන් දැනගත් බවද ඒ පිළිබඳ විමසූවිට රියදුරා තරමක් නොරිස්සුම් සහගත තත්වයට පත්වූ බවද Julie සඳහන් කරයි.

GPS උපකරණය සපයන උපදෙස් කිසිවක් රියදුරා විසින් අනුගමනය නොකල බවද ඇය චෝදනා කරයි.

අවසානයේ රියදුරා විසින් රථය නතර කිරීමෙන් පසු Eastern Freeway අධිවේගී මාර්ගයදී ඇය අතරමග දමා රියදුරා ගොස් තිබේ.

කෙසේවෙතත් රියදුරා විසින් තමන්ට කිසිදු අඩන්තේට්ටමක් නොකල බවද මෙම තරුණිය කියා සිටී.

source : https://7news.com.au/news/vic/melbourne-womans-didi-rideshare-trip-ends-on-eastern-freeway-c-4326131

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »