ලොක්ඩවුන් ඉවත්වුණත් NSW යන වික්ටෝරියාවාසීන්ට තවදුරටත් රෙගුලාසි

වික්ටෝරියා ප්‍රාන්තයේ ලොක්ඩවුන් තත්වය ඉවත් කෙරුණද නිවු සවුත් වේල්ස් දක්වා ගමන් කරන වික්ටෝරියාවාසීන්ට අදාල සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් බලපැවැත්වෙයි.

ලබන පළමුවනදා දක්වා එය ක්‍රියාත්මක බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

වික්ටෝරියා හි කොවිඩ් තත්වය තවමත් අඩුවීමක් නොමැති බැවින් මෙම තීරණය ගත් බව ඔවුන් වැඩිදුරටත් කියාසිටියා.

මේ අනුව declaration form සම්පූර්ණ කිරීමට මෙන්ම stay-at-home orders සඳහා අනුගතවීමට නිවු සවුත් වේල්ස් වෙත ගමන් කරන වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට තවදුරටත් සිදුවනවා.

ප්‍රාන්ත සීමා ආසන්නයේ ජීවත් වන පුද්ගලයන්ට පමණක් Exemptions ලබාදී තිඛෙනවා.

කෙසේවෙතත් පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින වික්ටෝරියා වාසීන්ට ලබන පළමුවනදා සිට නිවු සවුත් වේල්ස් වෙත ඇතුලුවීමේදී දැනට පවතින රෙගුලාසි ලිහිල් වනු ඇති.

SOURCE : https://www.abc.net.au/news/2021-10-22/covid-19-live-updates-melbourne-victoria-out-of-lockdown/100558674?utm_campaign=abc_news_web&utm_content=link&utm_medium=content_shared&utm_source=abc_news_web#live-blog-post-1205028067

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »