Search

වික්ටෝරියා ලිහිල් වන නිරෝධායන රෙගුලාසි අද නිල වශයෙන් ප්‍රකාශයට

පූර්ණ එන්නත්කරණයට ලක්ව පැමිණෙන පුද්ගලයන් සඳහා බලාත්මක නිරෝධායන රෙගුලාසි ලිහිල් කිරීමට වික්ටෝරියා ප්‍රාන්තය තීරණය කර ඇති බවට වාර්තා පළවෙයි.

අද උදාසන පැවැත්වෙන දෛනික කොවිඩ් මාධ්‍ය හමුවේදී ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘෘස් විසින් එම ලිහිල් කිරීම් කවරේද සහ කෙදිනක සිට බලාත්මක වන්නේද යන්න නිල වශයෙන් නිවේදනය කරනු ඇති.

නිල නොවන වාර්තා පවසන්නේ බොහෝවිට ලබන මාසයේ මුල භාගයේ සිටම නව රෙගුලාසි ක්‍රියාත්මක වනු ඇති බවයි.

ඒ අනුව සෘණාත්මක පී සී ආර් වාර්තාවක් සහිතව පැමිණෙන පුද්ගලයන් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති නම් නිවාස හෝ හෝටල් නිරෝධායනයකින් තොරව වික්ටෝරියා ප්‍රාන්තයට ඇතුලුවිය හැකි වනවා.

වික්ටෝරියා ප්‍රාන්තය නැවතත් ජාත්‍යන්තරයට විවෘත කිරීමේ ප්‍රධාන කඩඉමක් ලෙසයි මෙය සැළකෙන්නේ.

දින 262 ක් ලොක්ඩවුන් තත්වයේ පැවති මෙල්බර්න් නගරයේ ලොක්ඩවුන් සීමා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කරන ලදී.

source : https://www.9news.com.au/national/victoria-coronavirus-quarantine-to-be-scrapped-for-overseas-travellers-double-vaccinated/778da256-7c20-4d99-bdd0-fb8c5da1106b

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »