නවසීලන්ත Visitor වීසා ඉල්ලන විවාහක යුවළවලට සහනයක්

Culturally Arranged Marriages (CAM) කාණ්ඩය යටතේ නවසීලන්ත සංචාරක වීසා සඳහා අයදුම් කිරීමේදී මින් ඉදිරියට තමන් එක්ව වාසය කරන බව පෙන්වීමට විවාහක යුවළවලට අවශ්‍ය නොවේ.

එමෙන්ම දේශ සීමා බාධකවලින්ද ඔවුන්ද නිදහස් කෙරෙන බවයි නවසීලන්ත ආගමන විගමන බළධාරීන් සඳහන් කලේ.

ඒ අනුව වීසා බලපත් නිකුත් කලහොත් ඔවුන්ට කඩිනමින් නවසීලන්තයට පැමිණීමටද හැකියාව පවතිනවා.

කොවිඩ් 19 තත්වය හමුවේ නවසීලන්තයෙන් බැහැර බොහෝ විසා අයදුම්පත් (offshore) සළකා බැලීම නවතා ඇතත් මෙම කාණ්ඩයේ වීසා අයදුම්පත් ප්‍රමාදයකින් තොරව සළකා බැලීමටද නියමිතයි.

මෙම නව තීරණය සම්බන්දයෙන් නවසීලන්තයේ වාසය කරන දකුණු ආසියානු ප්‍රජාව ප්‍රසාදය පළ කර තිබේ.

මෙය දිගු කාලීන ඉල්ලීමක ප්‍රථිඵලයක් බවයි ඔවුන් සඳහන් කර සිට්න්නේ.

source : https://www.nzherald.co.nz/nz/changes-to-culturally-arranged-marriages-immigration-visa-rules-a-delight-to-many-community-leader-says/Q3A6TZAZAUZHBDRXYGKPUQONU4/?fbclid=IwAR3BdRw8tKWR9O1WwcXOwSIPcFwWRESvj8uSMOe1Otza5wmxd1iB0AzZ_JY

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »