Lockdown නිසා මෙල්බර්න් දරුවන්ට වන මානසික බලපෑම ගැන වාර්තාවක්

කොවිඩ් වසංගතයත් සමග පැණවූ Lockdown තත්වයන් හමුවේ ලොව පුරා සෙසු රටවල ළමුන් නිවෙස් තුළ සිරවී සිටි දින ගණනෙහි සාමාන්‍යයට වඩා මෙල්බර්න් නුවර වාසය කරන දරුවන් අද වනවිට දින 67 ක් නිවාසවලට සිරවී සිටින බව නවතම අධ්‍යයනයක් හෙළි කරයි.

ලොව පුරා රටවල Lockdown තත්වයන් සැළකීමේදී එක් රටක සාමාන්‍ය Lockdown දින ගණන 184 කි.

කෙසේවෙතත් මෙල්බර්න් නගරය මේ වනවිට දින 251 ක් Lockdown කර තිබේ.

මෙය මෙල්බර්න් නගරවාසී ළමුන්ගේ මානසික තත්වයට යහපත් තත්වයක් නොවන බව මෙම අධ්‍යයන වාර්තාව හෙළි කරයි.

2019 වසරේ පැවති දරුණු ලැව්ගිනි හමුවේ මානසික තත්වය අඩාලවී සිටි ළමුන්ට ඉන් යථා තත්වයට පැමිණීමටත් පෙර කොවිඩ් තත්වයට මුහුණදීමට සිදුවීමද බරපතල තත්වයක් බවයි මෙම වාර්තාවේ දක්වා ඇත්තේ.

වෙනිසියුලාවේ ළමුන් දින 491 ක් ද ලෙබනනයේ ළමුන් දින 418 ක්ද සිම්බාබ්වේ ළමුන් දින 270 ක් ද ලෙස නිවාසවලට වී සිටීමට සිදුවී තිබේ.

source : https://7news.com.au/lifestyle/health-wellbeing/risk-for-melbourne-kids-in-long-lockdown-c-4193989

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »