මෙල්බර්න්-ඩාර්වින්-ලන්ඩන් ක්වන්ටාස් ගුවන් ගමන් දෙසැම්බර් 18 දා සිට

ලබන මාසයේදී දේශ සීමා විවෘත කිරීමත් සමග ඔස්ටේ්‍රලියාව සහ ලන්ඩන් අතර ගුවන් ගමන් නැවත ආරම්භ කරන බව ක්වන්ටාස් ගුවන් සේවය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

ඩාර්වින් හරහා ලන්ඩන් දක්වා එම ගුවන් ගමන් ක්‍රියාවට නැංවෙනු ඇති.

මේ දක්වා පැවති පර්ත් – ලන්ඩන් ගුවන් වාරය තාවකාලිකව අක්‍රීය කිරීමට ක්වන්ටාස් තීරණය කර ඇත්තේ බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත සීමා තවදුරටත් වසා තැබීම හේතුවෙනි.

මේ අනුව සිඩ්නි-ඩාර්වින්-ලන්ඩන් ගුවන් ගමන් නොවැම්බර් 14 වනදා සිටද / මෙල්බර්න්-ඩාර්වින්-ලන්ඩන් ගුවන් ගමන් දෙසැම්බර් 18 වනදා සිටද ආරම්භ වනු ඇති.

සිඩ්නි සිට සතියකට ගුවන් වාර 05 ක් ක්‍රියාත්මක කෙරෙන අතර ඩාර්වින් සිට ලන්ඩන් දක්වා ගතවන කාලය පැය 17 යි විනාඩි 20 කි.

ක්වන්ටාස් සමාගම මීට පෙර පර්ත් – සිංගප්පූරුව – ලන්ඩන් ගුවන් වාරයක්ද සැළසුම් කර තිබූ නමුත් එම අදහස මේ වනවිට අත්හැර දමා තිබේ.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »