පැන්ඩෝරා පත්‍රිකා මගින් නිරූපමා ට හා සැමියාට එල්ලකල චෝදනා 22 මෙන්න

අමෙරිකාවේ වොෂින්ටන් හි පිහිටි ජාත්‍යන්තර ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ සංගමය (The International Consortium of Investigative Journalists) පසුගියදා කල අනාවරණයට අදාළව ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂට ඉදිරිපත් කර ඇති චෝදනා මාලාව ප්‍රකාශයට පත් කර තිබේ.

ඔවුන් විසින් ඇයට සහ ස්වාමි පුරුෂයාට ප්‍රශ්න 22 ක් ඉදිරිපත් කර තිබු අතර එම කිසිවකට ඔවුන් ප්‍රතිචාර දක්වා නොමැත.

පැන්ඩෝරා පත්‍රිකාවල තම නම සඳහන් වීම සම්බන්ධයෙන්, හිටපු අමාත්‍ය නිරූපමා රාජපක්ෂ ගේ ස්වාමි පුරුෂයා වන තිරුකුමාර් නඩේෂන් ජනාධිපතිවරයාගේ ස්වාධීන පරික්ෂණයක් ඉල්ලා තිබේ.

තිරුකුමාර් නඩේෂන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ, ජනාධිපතිවරයා වෙත ලිපියක් නිකුත් කරමිනි.

අදාළ ලිපිය මගින් නිරූපමා රාජපක්ෂගේ සැමියා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන් කියා සිටින්නේ, තමන් සහ තම බිරිඳ නිර්දෝෂි බවත් වරදකරුවන් නොවන බවත් ය.

මහා පරිමාණ මූල්‍ය වංචා පිළිබඳ හෙළිදරව් කිරීම් ඇතුළත් පැන්ඩෝරා ලේඛණවල නම් අඩංගු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අල්ලස් කොමිසමේ සභාපතිවරයාට නියෝග කර තිබෙනවා.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »