සංගක්කාරගේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති ධුර කාලය අවසන්

කුමාර් සංගක්කාර සභාපතීත්වය දැරු මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ නව සභාපතීත්වය එංගලන්ත හිටපු ක්‍රිකට් නායිකාවක් වන ක්ලෙයාර් කොනෝර් ට හිමිව තිබේ.

මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කාන්තාවක් පත්වූ පළමු අවස්ථාව මෙය වේ.

2019 වසරේදී එම ක්‍රිකට් සමාජයේ සභාපතීත්වයට කුමාර් සංගක්කාර පත්කෙරුණු අතර ඔහුගෙන් පසු එහි සභාපතීත්වය හිමිවිය යුත්තේ කවුරුන්ද යන්න සංගක්කාර විසින් නම් කළ යුතුය.

ඒ අනුව, මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ වාර්ෂික මහ සභා රැස්වීමදී සංගක්කාර විසින් ඉදිරි වසරේ සභාපති ධුරය වෙනුවෙන් එංගලන්ත වෙනුවෙන් පළමුවරට අළුබදුන ක්‍රිකට් ශූරතාව දිනු ක්ලෙයාර් කොනෝර්ගේ නම යෝජනාකර තිබේ.

ඇයගේ නම 2020 වසරේදී සංගක්කාර විසින් යෝජනා කර තිබුණත් ලෝකය පුරා පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ඇයට රාජකාරි ආරම්භ කිරීමට හැකි වූයේ නැත.

එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙස කටයුතු කළ ක්ලෙයාර් ගේ නායකත්වයෙන් 2005 වසරේදී එංගලන්තය සිය කුළුදුල් අළුබදුන ජයග්‍රහණය හිමි කරගත්තේය.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »