මෙල්බර්න් විරෝධතාවලට සහභාගී වූ පුද්ගලයන් අතුරින් කොවිඩ් ආසාධිත තවත් අයෙකු හමුවී තිබේ.
Geelong හි පදිංචි 30 හැවිරිදි අයෙකු මෙලෙස ආසාධිතයෙකු ලෙස තහවුරු කරගෙන ඇති බවයි වික්ටෝරියා කොවිඩ් අණදෙන නිළධාරී Jeroen Weimar පැවසුවේ.
මෙම පුද්ගලයාගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම ආරම්භ කර ඇති බවත් ඔහු කියාසිටියේය.
කෙසේවෙතත් විරෝධතා සඳහා පැමිණි කවරෙකු හෝ වෙතොත් වහා කොවිඩ් පරීක්ෂණයකට යොමුවන ලෙසටයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
මෙම විරෝධතා පාලනය සඳහා පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් හුදකලා කර තිබූ අතර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ ඔවුන්ට වෛරසය වැළඳී නොමැති බවයි.