මෙල්බර්න් විරෝධතාවල නිරත වූ ඉදි කිරීම් සේවකයන් 62 ක් අත්අඩංගුවට

මෙල්බර්න් නගරයේ අද දිනයේ පැය 08 කට වැඩි කාලයක් පුරා මාර්ග අවහිර කරමින් විරෝධතාවල නිරත වූ ඉදි කිරීම් සේවකයන් 62 දෙනෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කළහකාරී තත්වය හමුවේ පොලිස් නිලධාරීන් 03 ක් හා මාධ්‍යවේදියෙකුද තුවාල ලැබූ අතර පොලිස් රථ ගණනාවකට හානි සිදුවී ඇත.

ඉදි කිරීම් සේවකයන්ගේ හැසිරීම පිළිකුල් සහගත බවයි Victoria Police Chief Commissioner Shane Patton සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට එරෙහිව අපරාධ චෝදනා ගොණු කරන බවද පොලිසිය පැවසීය.

 

Pic – 09 News

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »