VIDEO : “මැණිකේ මගේ හිතේ” අමෙරිකාවේ වීථීවලත් ඇසේ

ශ්‍රී ලාංකික යොවුන් ගායිකා යොහානි සමඟ සතීෂන් ගැයූ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය යූටියුබ් ගෝලීය සංගීත දර්ශකයේ මුල් ගීත 10 අතරට පිවිස තිබෙනවා.

එය මේ සතියේ 07 වන ස්ථානයේ පසු වෙන අතර, මේ වෙනවිට ගීතයේ නැරඹුම් වාර සංඛ්‍යාව මිලියන 116 ඉක්මවා අවසන්.

මේ අතර, අමෙරිකාවේ ජනාකීර්ණ වීථිවලට ද ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පිවිසී ඇති බව වාර්තා වුණා.

ඇමෙරිකාවේ ජීවත්වන ප්‍රකට යුක්රේන යොවුන් වයලීන් වාදන ශිල්පිණී Karolina Protsenko කැලිෆෝනියාවේ – සැන්ටා මොනිකා හි වීථියක දී ‘මැණිකේ මගේ හිතේ’ ගීතය වාදනය කළේ විශාල පිරිසක් ආකර්ශනය කර ගනිමින්.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Warragamba වේල්ල ගැන සිඩ්නි අවට ජනතාවට අනතුරු ඇඟවීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්වය හමුවේ සිඩ්නි හි වොරගම්බා වේල්ල සම්පූර්ණ ධාරිතාවට ආසන්නව පවතින අතර ඉදිරි පැය කිහිපය තුළ ඕනෑම වේලාවක පිටාර යාමේ හැකියාව පවතින බව නිව් සවුත්වේල්ස් ජල කළමනාකරණ බලධාරීන් අනතුරු අඟවනවා.

Read More »

මෙල්බන් පදිංචිකරුවෙක් පයට දාන පාවහන් වෙනස් ජාවාරමකට යොදාගත් හැටි

පාවහන් තුළ සඟවා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100කට වැඩි ප්‍රමාණයක් රැගෙන ආ පුද්ගලයෙකු ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ දේශසීමා බලකාය විසින් මෙල්බන්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »