පාර්සල් බෙදා හරින්න Australia Post සේවකයන් 5000 ක් බඳවා ගැනීමට සැරසෙයි

නත්තල් සමය ක්‍රමයෙන් එළැඹීමත් සමග දැනට ගොඩ ගැසී පාර්සල් බෙදා හැරීම සඳහා අමතර සේවකයන් 5000 ක් පමණ බඳවා ගැනීමට සිදුවී ඇතැයි Australia Post කියයි.

විශේෂයෙන් ඔන්ලයින් ක්‍රමයට ඇණවුම් කරන ලද පාර්සල් සංඛ්‍යාව අති විශාල අගයක් ගැනීම මීට හේතුව වී තිබේ.

mail processing teams / වෑන් හා ට්‍රක් රථ රියදුරන් / යතුරු පැදි බෙදා හරින්නන් / forklift ක්‍රියාකරුවන් මෙන්ම customer service සඳහා මෙලෙස පුරප්පාඩු නිර්මාණය වි ඇත.

දැනට දිනපතා ඔස්ටේ්‍රලියාව පුරා පාර්සල් ලක්ෂ 20 ක් පමණ බෙදා හරින බව Australia Post කියාසිටී.

මෙම රැකියා 5000 අතුරින් 1600 ක් පමණ ස්ථිර (permanent) රැකියා වන අතර 3300 ක් පමණ Christmas casual රැකියා වේ.

කොවිඩ් තත්වයත් සමග සෑම ප්‍රාන්තයකම පාහේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ ඇණවුම් ඉහළ යාම හමුවේ බෙදා හරින පාර්සල් ප්‍රමාණය ඉහළ යාම මීට ප්‍රධාන හේතුවයි.

Source : https://www.9news.com.au/national/australia-post-recruits-5000-workers-to-help-deliver-millions-of-parcels/c1c16f0a-1f47-4d1b-b61f-2fe047ec195e

 

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »