Breaking: වික්ටෝරියා Lockdown තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල මෙන්න

breaking

වික්ටෝරියා ප්‍රාන්තය Lockdown තත්වයෙන් මුදා හැරීමේ වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කෙරේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 70 ඉක්මවා යාම හමුවේ මෙම මාර්ග සැළසුම (Road map) ප්‍රකාශට පත් කරන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටියේ.

මෙල්බර්න් නාගරික කලාපය සහ ප්‍රාදේශීය කලාපය ලෙස වෙන වෙනම මෙම රෙගුලාසි ක්‍රියාත්මකය.

මෙල්බර්න් නාගරික කලාපය

පළමු අධියර – Phase A

ප්‍රාන්තයේ එන්නත්කරණ ඉලක්කය සියයට 80 සපිරුණු වහා එනම් බොහෝ දුරට සැප්තැම්බර් 26 න් පසුව :

මිතුරන් හමුවීම සඳහා වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට පිටතට යා හැකිය.

ක්‍රිකට් – ගොල්ෆ් වැනි බාහිර ක්‍රීඩා සඳහා අවසර හිමිවේ.

පුද්ගලයන් 05 ක උපරිමයකට ශරීර සුවතා සඳහා එකවර සහභාගී විය හැකිය.

පාසල් විවෘත කිරීම මෙහිදී සිදුවේ. බොහා් දුරට ඔක්තෝබර් 05 වනදා සිට අධියරෙන් අධියර මෙල්බර්න් පාසල් විවෘත කිරීම ආරම්භ කෙරේ.

එහිදී සතියකට දින 02 ක් හෝ 03 ක් පමණක් සිසුන්ට පාසල්වලට පැමිණීමට අවසර දෙනු ඇත.

දෙවන අධියර -Phase B

ඔක්තෝබර් 26 වනදා වනවිට – ප්‍රාන්තයේ මුලු ජනගහණයෙන් සියයට 70 කට මාත්‍රා 02 ම දීමේ ඉලක්කය ජයගත් පසු :

නිවාසවලින් පිටතට යාමේ අත්‍යවශ්‍ය කරුණු ඉවත් කෙරේ – ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Pubs – Clubs විවෘත කෙරේ

නිවසින් පිටත උපරිම 10 දෙනෙකුට රැස්විය හැකිය.

මාත්‍රා 02 ම ගත් උපරිම 50 දෙනෙකුට විවාහ සඳහා පැමිණිය හැකිය.

පාසල් සඳහා සියලුම සිසුන් කැඳවීමට අපේක්ෂිතයි.

03 වන අධියර – Phase C

නොවැම්බර් 05 වනදා වනවිට – ප්‍රාන්තයේ මුලු ජනගහණයෙන් සියයට 80 කට මාත්‍රා 02 ම දී අවසන් කිරීම ජයගත් පසු :

අවන්හල් වැනි ස්ථාන ඇතුළත උපරිම 150 කට අසුන් ගෙන ආහාර පාන ගැනීමට අවසර දෙයි.

මුව ආවරණ පැළඳිය යුත්තේ ගෘහස්ථ කටයුතුවලදී පමණි.

සියලුම Retail වෙළඳසැල් විවෘත කිරීම මෙම අධියරේදී සිදුකෙරේ.

පාසල්වල කටයුතු කිසිදු සීමාවකින් තොරව සිදුකිරීමට අපේක්ෂා කෙරේ – Childcare ද විවෘතය.

විවාහ – අවමගුල් හා ආගමික කටයුතු සඳහා මාත්‍රා 02 ම ගත් 150 කට අභ්‍යන්තරයේත් උපරිම 500 කට බාහිරවත් සහභාගී විමට අවසර දේ.

04 වන අධියර – Phase D

නොවැම්බර් 19 වනදා වනවිට – ප්‍රාන්තයේ ජනගහණයෙන් සියයට 80 කට මාත්‍රා 02 මද අවුරුදු 12 ට වැඩි සියල්ලන්ට එන්නත ලබාදී අවසන් කල පසුව

නත්තල් සමය වනවිට බොහෝ දුරට නිවසකට අමුත්තන් 30 දෙනෙකු සඳහා පැමිණීමට අවසර ලබාදීමට අපේක්ෂා කෙරේ.

සමස්ත වැඩපිළිවෙල

https://twitter.com/DanielAndrewsMP/status/1439418426850570244?s=20

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.

Read More »

ජනතාවට ආචාර කළ ස්ලෝවැකියාවේ අගමැතිට වෙඩි ප්‍රහාරයක්

ඔහු හැන්ඩ්ලෝවා නගරයේ රැස්ව සිටි පිරිසට ආචාර කරන අවස්ථාවේ වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. තුවාල ලැබූ අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කිරීමට ආරක්ෂක අංශය පියවර ගෙන තිබෙනවා. රජයේ රැස්වීමකින් පසුව අගමැතිවරයා පිටතට පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ආරක්ෂක අංශ විසින් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වනවා. මෙය අගමැතිවරයා ඝාතනයට තැත් කිරීමේ සිද්ධියක් බවට ද සැක මතුවී

Read More »

T20 තුන් ඉරියව් ක්‍රීඩකයින් අතර පළමු තැන වනිඳු හසරංගට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම T20 තුන් ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා T20 නායක වනිඳු හසරංග සමත්වී තිබෙනවා.

Read More »