2030 වනවිට මිනිසුන් සහිත යානා අභ්‍යවකාශ ගත කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම්

වසර 2030 වනවිට මිනිසුන් සහිත යානා අභ්‍යවකාශ ගත කිරීමට ඔස්ටේ්‍රලියාව සූදානම් වනවා.

ඒ අනුව තරුණ ගගණගාමීන් පිරිසක් දැනටමත් ඒ සඳහා පුහුණු කෙරෙමින් පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ.

ස්පේස්-එක්ස් යානය මගින් ඊයේ දිනයේදීත් සිවිල් වැසියන් 04 දෙනෙකු අභ්‍යවකාශ චාරිකාවක් සඳහා රැගෙනයාමත් සමගයි ඔස්ටේ්‍රලියාව සිය ඉදිරි සැළසුම් ප්‍රකාශයට පත් කරනු ලැබුවේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පිහිටි භූමියකින් අදාළ අභ්‍යවකාශ යානය ගුවන් ගත කිරීමට දැනටමත් මූලික එකගතාවයක් ඇතිවී අවසන්.

කෙසේවෙතත් මේ සඳහා කොපමණ මුදලක් වැයවන්නේද යන්න සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානු අභ්‍යවකාශ පර්යේෂණ අංශ විසින් මේ දක්වා කිසිදු නිල තොරතුරක් ප්‍රකාශයට පත් කර නැහැ.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »