
කොවිඩ් මාත්‍රා 02 ම ගෙන දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් පී සී ආර් පරීක්ෂණ සඳහා හෝටල් වෙත යොමු කරවීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කලේ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදීම මින් ඉදිරියට ඔවුන් පී සී ආර් පරීක්ෂණ වෙත යොමු කෙරෙන බවයි.
ලබන සතියේ සිට නව වැඩපිළිවෙල ආරම්භ කෙරෙනු ඇති.

මෙහිදී සෘණාත්මක ප්‍රථිඵලයක් ලද හොත් ඔවුන්ට නිවෙස් කරා යා හැකි වනවා.
මේ අනුව පී සී ආර් පරීක්ෂණ සඳහා දිවයිනට පැමිණෙන ලාංකිකයන් විසින් මුදල් ගෙවීම අත්හිටුවා ඇති අතර ගතවන කාලයද අඩු කර තිබෙනවා.
