ඔස්ටේ්‍රලියා න්‍යෂ්ඨික සබ්මැරීන සඳහා ඉඩ නොදෙන බව නවසීලන්තය අවධාරණය කරයි

ඔස්ටේ්‍රලියාවේ න්‍යෂ්ඨික සබ්මැරීන සඳහා සිය මුහුදු තීරයන්ට ඇතුලුවීමට කිසිසේත් ඉඩ නොදෙන බව නවසීලන්තය අවධාරණය කරයි.

අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් පැවසුවේ සිය රට දශක ගණනාවක සිට න්‍යෂ්ඨික බලයෙන් බැහැරව කටයුතු කරන බවයි.

චීනයෙන් එල්ලවිය හැකි ආරක්ෂක තර්ජන මැඩලීමට ඔස්ටේ්‍රලියාව – මහා බි්‍රතාන්‍යය සහ අමෙරිකාව විශේෂ ආරක්ෂක ගිවිසුමකට එළැඹී තිබෙනවා.

ඒ අනුව ඉතිහාසයේ පළමු වරට න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන නිපදවීමට ඔස්ටේ්‍රලියාවට අවස්ථාව උදාවනු ඇති.

එමෙන්ම බුද්ධි තොරතුරු හා සයිබර් දත්ත එකිනෙකා අතර හුවමාරු කරගැනීම සඳහාද නව ගිවිසුම යටතේ ප්‍රතිපාදන පැවතීම විශේෂත්වයක්.

ඉන්දු පැසිෆික් කලාපයේ ඉහළ යමින් පවතින චීන ක්‍රියාකාරකම් සහ හමුදා කටයුතු සම්බන්ධයෙන් මෙම රටවල් 03 ම දැඩි කණස්සල්ලක් පළකර තිබුණා.

එහි ප්‍රථිඵලයක් ලෙසයි මෙම ගිවිසුම ඇතිකර ගෙන ඇත්තේ.

ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන් – බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හා අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් විසින් ඊයේ එය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ඔස්ටේ්‍රලියානු නාවික හමුදාව සඳහා 2016 වසරේදී සබ්මැරීන 12 ක් නිපදවීමට ප්‍රංශයට ඇණවුමක් දී තිබු අතර එහි වටිනාකම ඔස්ටේ්‍රලියානු ඩොලර් බිලියන 50 ක්.

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »

දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

දියතලාව ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගය අතරතුර පසුගියදා සිදුවු අනතුරෙන් තුවාල ලබා සිටි පාසල් සිසුවිය ඊයේ (15) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »