ඉදිකිරීම් සේවකයන්ට වික්ටෝරියා අගමැතිගෙන් අවසන් අනතුරු ඇගවීමක්

ඉදිකිරීම් (construction) ක්ෂේත්‍රයේ නිරත වික්ටෝරියා වාසීන්ට කොවිඩ් එන්නත ලබාගැනීමට තවත් ඉතිරිව ඇත්තේ සතියක කාලයක් පමණක් බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් අද පැවසීය.

ලබන 23 වනදා වනවිට පළමු මාත්‍රාව හෝ ගෙන නොමැති කිසිදු ඉදිකිරීම් සේවකයෙකුට රැකියා ස්ථානයට පැමිණීමට අවසර නොදෙන බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

ප්‍රාන්තයේ ඉදිකිරීම් වැඩබිම් ආශ්‍රිතව සැළකිය යුතු කොවිඩ් ආසාධිතයන් පිරිසක් හමුවීම මීට හේතුව බවටයි අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කලේ.

පසුගිය සතියේදී වික්ටෝරියා රජය නිවේදනය කලේ ඉදිකිරීම් සේවකයන් ප්‍රමුඛ සේවකයන් සළකා එන්නත ලබාදීමට පියවර ගන්නා බවයි.

ඒ අනුව ඔවුන්ට කලින් වෙන් කරවා ගැනීමතින් තොරව එන්නත ලබාගැනීමට පවා වික්ටෝරියා ප්‍රාන්ත රජය පහසුකම් සළසා තිබේ.

මෙල්බන් වැසියන්ට අවසර නොමැතිව ගෙවත්තේ ඇති ගස් කපන්න තහනම් වෙයි?

මෙල්බර්න්හි ගිනිකොන දෙසින් පිහිටි නිවාසවල පදිංචිකරුවන්ට බලපත්‍රයක් නොමැතිව තම ගෙමිදුලෙහි ඇති ගස් කප්පාදු කිරීම හෝ සම්පුර්ණයෙන් කැපීම තහනම් කිරීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

Read More »

මෙල්බන් සරසවියේ උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන අයට දැනුවත් කිරීමේ වැඩසටහනක්

මෙල්බන් විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදැරීමට බලාපොරොත්තු වන දැනට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දෙස් විදෙස් විද්‍යාර්ථයින් සඳහා නවතම දැනුවත් කිරිමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව තුළ ට්විටර් අවහිර කිරීමේ අවදානමක්

ෆෙඩරල් අධිකරණයේ නියෝගයන්ට අනුකූලව කටයුතු නොකළ හොත් ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්ට්‍රේලියාව තුළ අවහිර කිරීමේ අවදානමක් මතුවී තිබෙනවා.

Read More »

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිදුවීම් ඉහළට

විදේශ රැකියා අවස්ථා ලබාදෙන මුවාවෙන් වංචනික ලෙස මුදල් එකතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Read More »