Search

ලබන සෙනසුරාදා පැය 06 ක් මෙල්බර්න් CBD මුලුමනින්ම වැසේ / පොදු ප්‍රවාහනයත් නෑ

Lockdown විරෝධී උද්ඝෝෂණයක් පිළිබඳ තොරතුරු ලැබී තිබීම හේතුවෙන් ලබන සෙනසුරාදා පැය 06 ක කාලයකට මෙල්බර්න් CBD මුලුමනින්ම වසා දැමීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය පියවර ගෙන ඇත.

ඒ අනුව කිසිදු පොදු මගී ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක නොකරන ලෙසටයි දන්වා ඇත්තේ.

පසුගිය අගෝස්තු 21 වනදා මෙල්බර්න් CBD හි පැවති දැවැන්ත උද්ඝෝෂණයකට 4000-5000 අතර පිරිසක් සහභාගී වූ අතර පොලිසිය සමග ගැටුම් හේතුවෙන් පොලිස් නිළධාරීන් 21 ක්ද තුවාල ලබා තිබිණ.

එය සැළකෙන්නේ වසර 20 කට පමණ පසු මෙල්බර්න් හි පැවති දරුණුතම විරෝධතාවය ලෙසටයි.

මේ අනුව ලබන 18 දා පෙරවරු 08 සිට දහවල් 02 දක්වා මෙල්බර්න් CBD වෙත කිසිදු මහජන ඒකරාශියකට අවසර ලැබෙන්නේ නැහැ.

නීති කඩන පුද්ගලයන් අත්අංගුවට ගෙන ඉහළ දඩ පණවන බවටද පොලිසිය අනතුරු අගවනවා.