NSW කොවිඩ් මර්මස්ථාන 12 ක ඇඳිරි නීතිය අද රෑ සිට ඉවතට

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් මර්මස්ථාන ලෙස නම් කර ඇති නගර සභා කලාප 12 ට පනවා ඇති ඇඳිරි නීතිය අද රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

  • Bayside
  • Blacktown
  • Burwood
  • Campbelltown
  • Canterbury-Bankstown
  • Cumberland
  • Fairfield
  • Georges River
  • Liverpool
  • Parramatta
  • Strathfield
  • Penrith suburbs: Caddens, Claremont Meadows, Colyton, Erskine Park, Kemps Creek, Kingswood, Mount Vernon, North St Marys, Orchard Hills, Oxley Park, St Clair and St Marys.

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් ප්‍රතිශතය 80% ට පැමිණ ඇති බව ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,259 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොවිඩ් මරණ 12 ක්ද වාර්තා වේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ කොවිඩ් පාලන සැලසුම යටතේ කොවිඩ් එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් 70% මට්ටමට ළඟා වූ පසු එම පුද්ගලයින් Lockdown කිරීම් වලින් නිදහස් කෙරේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »