චීන නොබෙල් ත්‍යාගය මහාචාර්ය මලික් පීරිස්ට

චීනය රජය 2021 වසර සදහා වන “අනාගත විද්‍යා ත්‍යාගය” ශ්‍රී ලාංකික විද්‍යාඥ මහාචාර්ය මලික් පීරිස් මහතාට පිරිනමා ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය කියා සිටී.

මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයකු වූ යූන් ක්වොක් යුන්ග් මහතාට මේ වසර සඳහා වූ අදාළ ත්‍යාගය පිරිනමා ඇති බවද ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කළේය.

ඒ අනුව මහාචාර්ය මලික් පීරිස් මහතාට අමෙරිකානු ඩොලර් මිලියනයක ත්‍යාග මුදලක් හිමිවූ බව චීන තානාපති කාර්යාලය පවසයි.

2003 වර්ෂයේ දී සාර්ස් සහ මර්ස් යන වෛරසයන් පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ මඟින් හඳුනාගැනීම හේතුවෙන් එම ත්‍යාගය පිරිනමා ඇති අතර මෙය චීන නොබෙල් ත්‍යාගය ලෙස සැළකේ.

මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං විශ්වවිද්‍යාලයේ වයිරසවේදය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර යූන් ක්වොක් යුන්ග් මහතා එම විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීවි විද්‍යා අංශයේ මහාචාර්යවරයකු ලෙස කටයුතු කරනු ලබයි.

2016 වර්ෂයේ සිට චීනය විසින් කීර්තිමත් විද්‍යාඥයින් සඳහා විද්‍යාත්මක සොයාගැනීම් වෙනුවෙන් සහ නවෝත්පාදනයන් ප්‍රවර්ධනය වෙනුවෙන් “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමන බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

හොංකොං විශ්වවිද්‍යාලයේ වසංගත විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා සායනික හා මහජන වසංගත විද්‍යාව පිළිබඳ විශේෂඥයකු වන අතර ඉන්ෆ්ලුවෙන්සා, කොරෝන වයිරස් වැනි රෝග පිළිඉඳව අධ්‍යයනයහි විශේෂ උනන්දුවක් දක්වන අයෙකි.

2003 වසරේදී ලොව පුරා පැතිරී ගිය සාර්ස් රෝගය, එහි රෝග නිර්ණය හා රෝග කාරකය සඳහා නව කොරෝනා වෛරසය හේතු වූ බව සොයා ගැනීමේදී මහාචාර්ය පීරිස් මහතා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »