NSW උතුරු මැද වෙරළ තීරයේ අප ජලයේ කොවිඩ් වෛරස කොටස්

NSW ප්‍රාන්තයේ උතුරු මැද වෙරළ තීරයේ අප ජලයේ කොවිඩ් වෛරසයේ කොටස් හමුවී තිබේ.

Bonny hills ප්‍රදේශයේ අප ජලයේ තිබී කොවිඩ් වෛරසයේ කොටස් හමුවී ඇති අතර Glebe, Waterloo, Redfern, සහ Marrickville යන උප නගර වල ආසාදිතයින්ගේ ඉහළ යාමක් පෙන්නුම් කරයි.

එම ප්‍රදේශවල වැසියන් හැකි ඉක්මණින් තම කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස NSW Health ඉල්ලා සිටියි.

මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වැසියන්ගෙන් 75% ක් කොවිඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ඇති බවත් 45% ක් මාත්‍රා 02 ම ලබා ඇති බවත් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසයි.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (07) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 1480 ක් වාර්තා වි තිබේ.

දැනට 1136 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 194 දෙනෙකුම දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මරණ 09 ක් වාර්තා වි තිබේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් මේ දක්වා සටහන්වී ඇති කොවිඩ් මරණ ගණන 204 කි.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »