Vaccine passport තවත් සති කිහිපයකින් – සහතික නිකුත් කිරීම ලබන මාසයේ සිට

Vaccine passport ක්‍රමවේදය තවත් සති කිහිපයකින් ආරම්භ කරන බව ෆෙඩරල් රජය අද නිල වශයෙන් නිවේදනය කලේය.

ඒ අනුව ඩිජිටල් ක්‍රමයට හෝ ලිඛිත ක්‍රමයට අදාළ සහතික නිකුත් කිරීම ලබන මාසයේ සිට ආරම්භ කෙරේ.

මෙම ක්‍රමය අනිවාර්ය කිරීමත් සමග ගුවන් ගමනක් සඳහා ගුවන් තොටුපළට පැමිණිමෙන් පසු මුලින්ම සිදුකරනු ලබන්නේ පරීක්ෂා කිරීමයි.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින්නන්ට දින 14 ක නිරෝධායන කාලයක්ද අවශ්‍ය නොවනු ඇත.

ඔස්ටේ්‍රලියා ජාතික කැබිනෙට්ටුව පසුගියදා සම්මත කල යෝජනාවට අනුව අධියර 04 කින් සමන්විත සැළැස්මේ 03 වන අධියර වන්නේ ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමයි.

 

Pic – Getty

ෆෙඩරල් රජයේ අයවැය ගැන අලුත් බලාපොරොත්තුවක්

ෆෙඩරල් රජය ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් නව නිවාස ඉදිකිරීම සඳහා අතිරේක ආයෝජනයක් ලෙස ඩොලර් බිලියන ගණනක් ලබා දෙනු ඇති බවට වාර්තා වනවා.

Read More »

මීයන්ගේ සිරුරු කොටස් නිසා ජනප්‍රිය ආහාර කාණ්ඩයක් නැවත කැඳවයි

ජපානයේ ප්‍රධාන ආහාර සැපයුම් සමාගමක රොටි කිහිපයක තිබී මීයන්ගේ සිරුරු කොටස් හමුවීම හේතුවෙන් ජනප්‍රිය වෙළඳ නාමයක පෙති කපන ලද සුදු පාන් පැකට් 100,000 කට වඩා නැවත කැඳවා තිබෙනවා.

Read More »

වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දෙවරක් සිතන්න ක්වීන්ස්ලන්ඩ් පොලිසියට දැනුම්දීමක්

වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සිදුවන අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස ක්වීන්ස්ලන්ඩ් පොලිසිය සිය නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

Read More »