ලාංකිකයෙකු කැනඩා පාර්ලිමේන්තු අසුනකට තරග කරයි

කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා ප්‍රාන්තයේ වැන්කූවර් හි ජීවත් වන ධර්මසේන යකන්දාවල 2021 කැනේඩියානු පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා.

එළැඹෙන සැප්තැම්බර් 20 වැනිදා ආරම්භ වන මැතිවරණයට NDP හෙවත් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් ඔහු තරග වදින්නේ කැනඩාවේ ඇබට්ස්ෆෝඩ් ප්‍රදේශය නියෝජනය කරමින්.

2006 වසරේ දී කැනඩාවට සංක්‍රමණය වී ඇති ධර්මසේන යකන්දාවල වෘත්තියෙන් නීතිඥවරයෙක් මෙන්ම හිටපු විනිසුරුවරයෙක් ද වනවා.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »