මෙල්බර්න් CBD හි ත්‍රස්ත ප්‍රහාරයක් සැළසුම් කල 03 කට වසර 10 ක සිර දඩුවම්

මෙල්බර්න් CBD හි ත්‍රස්ත ප්‍රහාරයක් සිදුකිරීමට සැළසුම් කල පුද්ගලයන් 03 දෙනෙකුට වසර 10 ක සිර දඩුවම් අද නියම කෙරිණ.

Hanifi Halis, Samed Eriklioglu & Ertunc Eriklioglu යන 03 දෙනාට මෙම දඩුවම් නියමවූයේ ඔවුන් තමන්ට එරෙහි චෝදනා පිළි ගැනීමත් සමගයි.

2018 වසරේ නොවැම්බර් මාසයේදී මොවුන් අත්අඩංගුවට ගෙන තිබිණ.

ඒ වනවිටත් මෙම සැකකරුවන් 03 දෙනා ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බව වික්ටෝරියා පොලිසිය පැවසීය.

ඔවුන් විසින් අර්ධ ස්වයංක්‍රීය ගිණි අවියක් යොදා ගනිමින් මෙම ප්‍රහාරය සැලසුම් කර තිබූ බවටද වාර්තා විය.

2018 වසරේ නොවැම්බර් 09 වනදා Bourke Street හිදී සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ඒ හා සමාන ප්‍රහාරයක් එල්ල කිරීමයි මොවුන්ගේ සැලසුම වී තිබුණේ.

ප්‍රහාරයෙන් පසුව IS සංවිධානය සමග එකතුවීමට රටින් පළායාමද මොවුන්ගේ සැලසුමට අයත් වී තිබේ.

 

Pic – 09News

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණික පිරිසක් වෙනුවෙන් අයවැයෙන් මුදල් වෙන් වෙයි

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන් ලෙස හෝ සරණාගතයන් ලෙස පැමිණෙන කාන්තාවන් ගෘහස්ත හිංසනයෙන් ආරක්ෂා කිරීම සඳහා මෙවර අයවැයෙන් ප්‍රතිපාදන වෙන්වී තිබෙනවා.

Read More »