“වික්ටෝරියාවට දෙන්න තිබූ එන්නත් සිඩ්නි වලට හොරෙන් අරගෙන ගිහින්”

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට වැඩිපුර කොවිඩ් එන්නත් මාත්‍රා දීමට ගෙන ඇති තීරණය මුලුමනින්ම අසාධාරණ බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් පවසයි.

තම ප්‍රාන්තයට ලැබිය යුතු මාත්‍රා විශාල ප්‍රමාණයක්ද ඔවුන් විසින් අත්පත් කරගෙන ඇති බවටයි අගමැතිවරයා චෝදනා කර සිටින්නේ.

ප්‍රාන්ත අගමැතිවරුන් සමග තමන් අත්සන් කරනු ලැබුවේ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙලකට මිස සිඩ්නි නගරයට පමණක් එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙලකට නොවන බවටද ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කර සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයට ලබාදීමට එකග වී තිබූ කොවිඩ් මර්දන මාත්‍රා 340,000 ක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට ලබාදී ඇති බවයි අගමැතිවරයා පෙන්වා දෙන්නේ.

ලබාදීමට එකගවූ එන්නත් මාත්‍රා නියමිත පරිදි ලැබෙන්නේ නම් සියයට 70 – 80 ඉලක්කය සපුරා ගැනීම අසීරු නොවන බවද වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කර සිටී.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »