
නවසීලන්තය තුළ ක්‍රියාත්මක Lockdown සීමා ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (07) මධ්‍යම රාත්‍රියේ සිට ඕක්ලන්ඩ් හැර අනෙකුත් ප්‍රදේශ Level 02 මට්ටමට පත් කෙරෙන අතර ලබන සතියේ අගහරුවාදා දක්වා ඕක්ලන්ඩ් නගරය අඛණ්ඩව Level 04 මට්ටමේ පවතී.
අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් අද නිවේදනය කලේ මුහුණු ආවරණ – මීටර් 02 ක පරතරය අඛණ්ඩව බලාත්මක වන බවයි.

ජනයා ඒකරාශීවන ඉසව් සඳහා ගෘහස්ථ නම් උපරිමය 50 ක් ලෙසද බාහිර නම් උපරිමය 100 ක් ලෙසද සීමා පැණවෙනු ඇති.
ඩෙල්ටා වෛරසය පැතිරීමත් සමග සමස්ත නවසීලන්තයම Lockdown තත්වයකට පත්කෙරුණේ පසුගිය අගෝස්තු 17 වනදායි.
