Melbourne Star සදහටම වැසේ

මෙල්බර්න් නගරයට පැමිණෙන සංචාරකයන් අනිවාර්යයෙන් නැරඹීමට යන ස්ථානයක් වන Melbourne Star observation wheel ස්ථිරවම වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ අනුව Melbourne Star අයත් සමාගම වන MB Star Properties Pty Ltd මෙම සතියේ වෙනත් පාර්ශවයක් වෙත අලෙවි කිරීමට නියමිතය.

දීර්ඝ කාලයක සිට පවතින සංචරණ සීමා සහ Lockdown තත්වයන් හමුවේ සංචාරකයන් නොපැමිණීමත් පවත්වාගෙන යාමේදී පාඩු ලැබීමත් මීට හේතු වී තිබෙනවා.

වසර 15 කට වැඩි කාලයක සිට මෙල්බර්න් නගරයේ සංචාරක ආකර්ශණය දිනු ජනප්‍රිය ස්ථානයක් වන Melbourne Star නැරඹීමට වසරකට ලක්ෂ 03 කට ආසන්න පිරිසක් පැමිණියහ.

සිඩ්නි ඔලිම්පික් උද්‍යානයේ ගින්නක් නිසා 2500 කට වැඩි පිරිසක් ඉවත් කෙරේ

සිඩ්නි ඔලිම්පික් උද්‍යාන ජල මධ්‍යස්ථානයේ සූර්ය පැනල ගිනි ගැනීම හේතුවෙන් 2500කට අධික පිරිසක් එම ස්ථානයෙන් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

අද ආරම්භ කිරීමට ගිය ඉන්දු ලංකා මගී යාත්‍රා සේවයට බාධාවක්

ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ සහ ඉන්දියාවේ නාගපට්ටිනම් අතර අද ආරම්භ වීමට නියමිතව තිබූ මගී යාත්‍රා සේවාව නොවැළැක්විය හැකි හේතු කිහිපයක් මත තවදුරටත් ප්‍රමාද වී තිබෙනවා.

Read More »

විශේෂ අවශ්‍යතා සහිත තරුණයෙකු පොලිස් වෙඩි පහරින් මියයයි

නිව්යෝක් නගරයේ නිවසකදී පොලිස් වෙඩි පහරින් 19 හැවිරිදි මානසික ආබාධයක් සහිත තරුණයෙකු මියයාමේ සිද්ධියක් පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »