වික්ටෝරියා 16 ට වැඩි සියයට 60 කට එක් මාත්‍රාවක් හෝ දී අවසන් – Lockdown ලිහිල් කරන දිනය මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

වික්ටෝරියා 16 ට වැඩි සියයට 60 කට එක් මාත්‍රාවක් හෝ දී අවසන් – Lockdown ලිහිල් කරන දිනය මෙන්න

වික්ටෝරියා 16 ට වැඩි සියයට 60 කට එක් මාත්‍රාවක් හෝ දී අවසන් – Lockdown ලිහිල් කරන දිනය මෙන්න

වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 16 ට වැඩි ජනගහණයෙන් සියයට 60 කට වැඩි පිරිසකට කොවිඩ් එන්නතේ එක් මාත්‍රාවක් හෝ ලබාදීම අවසන් කර තිබේ.

මේ අනුව සති 05 ක් තුළ මාත්‍රා ලක්ෂ 10 කට වැඩි ප්‍රමාණයක් ලබාදීමේ ඉලක්කයට ළගාවෙමින් පවතින බවයි ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් කියාසිටියේ.

සියයට 70 ඉලක්කය ළගාවූ වහා මෙල්බර්න් නගරය තුළ දැනට ක්‍රියාත්මක ඇතැම් Lockdown සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවද අගමැතිවරයා පැවසීය.

මේ අතර හෙටින් ආරම්භ වන සතිය තුළදී Regional Victoria සඳහා දැනට ක්‍රියාත්මක Lockdown සීමා කිහිපයක් ඉවත් කිරීමටද නියමිතයි.

කෙසේවෙතත් නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ මෙන් වික්ටෝරියා ප්‍රාන්තය තුළද කොවිඩ් ආසාධිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Brett Sutton අනතුරු අගවනවා.

පරීක්ෂණවලට යොමුවීම ප්‍රමාද කිරීම සහ නීති කඩකිරීම ඉහළ යාම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තය තුළ දැනට පවතින කොවිඩ් රැල්ල ඉහළම අගයට ගොස් ඇති බව ප්‍රකාශ කිරීමට කල් වැඩි බවද Brett Sutton සඳහන් කලා.

කෙසේවෙතත් පවතින තත්වය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම එන්නත්කරණය බවයි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීවරයා අවධාරණය කලේ.