Lockdown නිසා මෙල්බර්න් දරුවන්ගේ මානසික රෝග ඉහළට – දෙමව්පියන්ට පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Lockdown තත්වය හමුවේ විවිධ මානසික ගැටලු මත රෝහල්ගතවන දරුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.

Royal Children’s Hospital පවසන්නේ මානසික රෝගාබාධ හමුවේ රෝහලට ඇතුළත් කෙරෙන දරුවන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි.

ආතතිය – විශාදය (anxiety, depression) වැනි ලක්ෂණ මෙන්ම ඇතැමුන් සියදිවි හානිකර ගැනීමට පවා පෙළඹී ඇතැයිද සඳහන්.

එබැවින් සිය දරුවන් හුදකලාව සිටීමේදී කිසියම් අස්වාභාවික ගතියක් පෙන්නුම් කරන්නේ නම් වහා ඔවුන් සමග කථා බස් කර ගැටලු හඳුනාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ දෙමව්පියන්ට දන්වා සිටින්නේ.

පාසල් වසා දැමීම හමුවේ සිසුන්ට සිය මිතුරන් හමු නොවීම මෙන්ම බාහිර සමාජය සමග ඇති නිදහස් වටපිටාව සීමා වීමද මීට සෘජුව බලපා තිබේ.

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »

සිසුන්ගේ හැසීරිම නිසා ගුරුවරුන්ගේ ආරක්ෂාව ගැන ගැටලුවක්

ඔස්ට්‍රේලියාවේ පාසල් පන්ති කාමර තුළ අනාරක්ෂිත යැයි හැඟෙන ගුරුවරුන්ගේ සංඛ්‍යාව 2022 වසර වන විට සියයට 24.5කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »