2021 ලොව හොඳම වනජීවී ඡායාරූප ශිල්පීන් අතරට ඔස්ටේ්‍රලියාවේ ඉන්න ලාංකිකයෙකුත්

බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා බවට පත්වීම හෝ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වීම (bbc wildlife photographer of the year) ලොව සෑ ම වනජීවී ඡායාරූප ශිල්පියෙක්ගේ ම සිහිනයක්.

ඊයේ නිකුත් කෙරුණු බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 (bbc wildlife photographer of the year 2021) ඡායාරූප ප්‍රදර්ශනයේ ප්‍රතිඵල අනුව ලාංකික ඡායාරූප ශිල්පීන් දෙදෙනකු ඉදිරිපත් කළ ඡායාරූප තරගයේ ප්‍රදර්ශන මට්ටමට හා ජුරියේ විශේෂ පැසසුමට (Highly Commended) ලක් වී තිබුණා.

මෙම අතිශය සුවිශේෂී ගෞරවය හිමිකර ගත්තේ බුද්ධිලිනි ඩී සොයිසා හා ගඟන වික්‍රමසිංහ යන දෙදෙනා යි.

බුද්ධිලිනි දැනට සිඩ්නි නුවර වාසය කරනවා.

සැඩපහරක අසීරුවෙන් පිහිනා යන චීටාවුන් කණ්ඩායමක් බුද්ධිලිනි ඩී සොයිසා ‘A Great Swim’ නමින් පළ කරන ලද ඡායාරූපයට අන්තර්ගත වී තිබුණා.

පළපුරුදු වනජීවී ඡායාරූප ශිල්පිනියක වන බුද්ධිලිනී මෙම දුර්ලභ දසුන ඇයගේ කැමරාවට හසු කර ගෙන ඇත්තේ කෙන්යාවේ මසායි මාරා ජාතික වනෝද්‍යානය තුළදී යි.

ගඟන වික්‍රමසිංහ විශේෂ වන්නේ ඔහු තවමත් එකොළොස් හැවිරිදි වියේ ළාබාල දරුවෙකු වීම නිසාවෙන්.

මාල ගිරා මවක් ගස් බෙනයක සිටින සිය පැටවුන්ට ආහාර කවන අයුරු සිය කැමරාවට ග්‍රහණය කරගත් ගගන එය බී.බී.සී වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා 2021 තරගාවලිය සඳහා ඉදිරිපත් කර තිබුණේ ‘Lockdown chicks’ නමින්.

ලොව පුරා අති දක්ෂ ඡායාරෑප ශීල්පින්ගේ ඡායාරූප 55000ක් පමණ අතරින් මෙම ඡායාරූප යුගලය අවසන් කිහිපය අතරට පැමිණ සුවිශේෂී ම ජයග්‍රහණයක්.

Source : https://www.bbc.com/news/science-environment-58398905

මිනිස් ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් 5ක් අත්අඩංගුවට

නීතිවිරෝධීව ලැට්වියාවේ දේශසීමා හරහා පුද්ගලයින් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණීමේ කැපී පෙනෙන වර්ධනයක්

මෙම වසරේ ගත වූ කාලය තුළ ලක්ෂ 8ක් ඉක්මවූ විදෙස් සංචා­ර­ක­යන් පිරි­සක් ශ්‍රී ලංකා­වට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

Read More »