මෙම වසර තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මුල් වරට කොවිඩ් මරණ 02 ක් – AusLanka TV – Australian News for the Sri Lankan community

මෙම වසර තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මුල් වරට කොවිඩ් මරණ 02 ක්

මෙම වසර තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් මුල් වරට කොවිඩ් මරණ 02 ක්

මෙම වසර තුළදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් සටහන්වූ පළමු කොවිඩ් මරණ ඊයේ රාත්‍රියේ වාර්තා විය.

අවුරුදු 60 ක සහ 40 කාන්තාවන් දෙදෙනෙකු එලෙස මිය ගිය බව සෞඛ්‍ය අංශ පැවසීය.

60 හැවිරිදි කාන්තාව Hume ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර 40 හැවිරිදි කාන්තාව Darebin ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

ඔවුන් රෝහල්ගතව සිටියේද හෝ එන්නත් ලබාගෙන තිබුණේද යන්න මේ දක්වා අවිනිශ්චිතය.

පසුගිය වසරේදී කොවිඩ් ආසාධිතව වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තාවූ මරණ ගණන 820 කි.