Search

වික්ටෝරියා Lockdown සීමා නව රෙගුලාසි අද

වික්ටෝරියා ප්‍රාන්තයට පණවා ඇති Lockdown සීමා සම්බන්ධ නව රෙගුලාසි කිහිපයක් අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Lockdown තත්වය තිබියදී විවිධ සේවා පවත්වාගෙන යා හැකි ආකාරය එහිදී දැනුම්දෙන බවයි ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් කියාසිටියේ.

කෙසේවෙතත් කුමන තත්වයක් යටතේ හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ පාසල් නුදුරේදී විවෘත නොකෙරෙන බවද ඔහු සඳහන් කලා.

වික්ටෝරියා ප්‍රාන්තයේ කොවිඩ් අවධානම් ස්ථාන ලැයිස්තුව මේ වන විට 1,000 ඉක්මවා තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ AstraZeneca එන්නත් විශාල ප්‍රමාණයක් තවමත් ලබාගැනීමට හැකියාව පවතින බවද ප්‍රාන්ත අගමැති ඇන්ඩෲස් පැවසීය.

මෝටර් රථ සොරකමේ ගිය මෙල්බන්වල ගැහැණු ළමයින් දෙදෙනෙකුට වැඩ වරදී

මෙල්බර්න් නගරයේදී මෝටර් රථ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගැහැණු ළමයින් ඇතුළු බාල වයස්කරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

නව COVID ප්‍රභේදයක් තවත් සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට?

XEC ලෙසින් හැඳින්වෙන නව COVID ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින අතර එය සති කිහිපයකින් ඔස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු අඟවනවා.

Read More »

විපක්ෂයේ සැලසුමක් නිසා නිවාසවල විදුලි බිල්පත් ගාස්තු ඉහළ යන ලකුණු

න්‍යෂ්ටික බලාගාර 7ක් ඉදිකිරීමට ෆෙඩරල් විපක්ෂය ඉදිරිපත් කර ඇති සැලැස්ම හේතුවෙන් පවුල් ඒකකවලට වසරකට ඩොලර් 655කින් පමණ බලශක්ති බිල්පත් වැඩි වන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා.

Read More »