කොන්දේසි මත සැප්තැම්බර් 01 සිට සංචාරකයින් ලංකාවට

ලබන 01 වැනිදා සිට ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට කොන්දේසි සහිතව අවසර ලබාදීමට සංචාරක අමාත්‍යාංශය තීරණය කර ඇත.

සම්පූර්ණයෙන්ම එන්නත්කරණය කරපු සංචාරකයන්ට ශ්‍රී ලංකාවට ඒමට හැකියාව පවතින අතර ,ඔවුන්ට ගුවන් තොටුපළේදී සිදු කරන පී.සී.ආර්. පරීක්ෂණයෙන් ආසදිතයෙක් නොවන බව තහවුරු කෙරෙන අතර ඉන්දීය සංචාරකයින්ට දිවයින පුරා සංචාරය කළ හැකි බව සංචාරක අමාත්‍යාංශ ලේකම් එස්.හෙට්ටිආරච්චි ප්‍රකාශ කළේය.

තවද ඉන්දීය සංචාරකයන් වෙනුවෙන් ලබන 01 වැනිදා සිට කොළඹ සහ ඉන්දියාව දක්වා ගමනාන්ත 03ක් වෙත ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටද නියමිතව ඇතැයිද හෙතෙම කිය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයින් අනිවාර්යයෙන්ම තරු තුනේ මට්ටම සහ ඊට ඉහළ මට්ටමේ හෝටල්වල නතර විය යුතු බවත් , ඔවුන්ට සාමාන්‍ය ක්‍රමවේදයට අනුව මාසයක කාලයක් සඳහා වීසා නිකුත් කෙරෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඒ අනුව සතියකට චෙන්නායි වෙත ගමන් වාර 04ක්, මුම්බායි වෙත ගමන් වාර 03ක් සහ බැංගලෝරය වෙත ගමන් වාර 01ක් වශයෙන් ආරම්භයේදී ක්‍රියාත්මක වන මෙම ගුවන් ගමන් සැප්තැම්බර් අවසානය වන විට දිල්ලියට තවත් ගුවන් ගමන් 02ක් දක්වා ද වැඩි කිරීමට බලාපොරොත්තුවන බව ද සංචාරක ලේකම්වරයා සඳහන් කළේය.

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »