අතුරුදන් Dandenong හි “නතාෂා” සොයා ගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

අතුරුදන්ව සිටින නතාෂා නම් 30 හැවිරිදි කාන්තාවක සොයා ගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා.

ඇය අවසන් වරට දැක ඇත්තේ පසුගිය ජූලි 17 වනදා Dandenong හි David Street හිදීයි.

නතාෂා කිසියම් වෛද්‍ය අවශ්‍යතා සහිත තැනැත්තියක බවද වික්ටෝරියා පොලිසිය ප්‍රකාශ කලා.

අවසන්වරට දකින විට ඇය හැඳ සිටියේ කලු සහ තැඹිලි පැහැති ඇඳුම් වන අතර ඇය Melbourne, Collingwood, Northcote & Greater Dandenong යන ප්‍රදේශවල නිරතුරව කාලය ගත කර තිබිණ.

නතාශා පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 000 හෝ 9767 7666 අංකයෙන් Dandenong පොලිසිය වෙත දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.

Pic – VIC Police

හතු ආහාරයට ගන්න සොයන ඔස්ට්‍රේලියානුවන්ට සෞඛ්‍ය අංශවලින් උපදෙසක්

හතු හට ගැනීමේ සමය ආරම්භ වීමත් සමග විවිධ හතු වර්ග ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙනවා.

Read More »

යුපුන් අබේකෝන් ඉතාලියේදී ශ්‍රී ලංකාවේ නම බබළවයි

ඉතාලියේ පැවැති CDS ASSOLUTO SU PISTA මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 Serie-1 තරග ඉසව්වෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් පළමු ස්ථානය ජයග්‍රහණය කර තිබෙනවා.

Read More »