කාබුල් ගුවන් තොටුපලේ නොසන්සුන්තාවයක් – අහසට වෙඩි තබයි / ඔස්ටේ්‍රලියා සෙබලුන් 250 ක් පිටත්ව යයි

ඇෆ්ඝනිස්ථානයෙන් සිය පුරුවැසියන් ඉවත් කරගැනීමේ කටයුතු පහසු කිරීම සඳහා වහාම අමතර භට පිරිස් 250 ක් මැදපෙරදිගට යොමු කිරීමට ඔස්ටේ්‍රලියා රජය පියවර ගෙන තිබේ.

ආරක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කලේ අද පස්වරුවේ බ්‍රිස්බන් නුවරින් ගුවන් යානයක් ඒ සඳහා පිටත්ව යාමට නියමිත බවයි.

දශක 02 ක් පුරා පැවති ඇෆ්ඝන් යුද්ධයේදී අමෙරිකා භට පිරිස් වෙත සහය දැක්වූ ප්‍රධාන පාර්ශවයක් වන්නේ ඔස්ටේ්‍රලියාවයි.

මේ අතර කාබුල් ගුවන් තොටුපලේ හටගත් නොසන්සුන්තාවයක් පාලනයට අමෙරිකානු භට පිරිස් අහසට වෙඩි තබා තිබේ.

ගුවන් යානයකට පිවිස රටින් පළා යාමට ඇෆ්ඝන් වැසියන් උත්සාහ දැරීමයි ඊට හේතුව වන්නේ.

කාබුල් අගනුවර පාලනය මේ වනවිට පවතින්නේ තලේබාන් පාලනය යටතේයි.

Pic : Twitter/ Ahmer Khan

ගුවන් යානයක් කැළඹීමකට හසුවීමෙන් මගියෙකු ජීවිතක්ෂයට

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා ගමන් කරමින් තිබූ ගුවන් යානයක් උඩු ගුවනේදී කැළඹීමකට හසුවීමෙන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

තම සුරතලුන් දෙදෙනාගේ ප්‍රහාරයෙන් කාන්තාවක් මිය යයි

නැගෙනහිර ලන්ඩනයේ නිවසකදී ඇමෙරිකන් බුලි (XL Bully) වර්ගයේ දැවැන්ත සුනඛයන් දෙදෙනෙකුගේ ප්‍රහාරයක් හේතුවෙන් 50 හැවිරිදි කාන්තාවක් මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩි වශයෙන් භාවිතා කරන භාෂා ගැන අලුත් අනාවරණයක්

සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් නිවසේ දී ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂා භාවිත කරන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන පාසලක සිසුන්ට ජල බෝතල් තහනම් වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ ජනප්‍රිය පෞද්ගලික පාසලක ඇතැම් සිසුන් සඳහා පන්ති කාමරය තුළ ජල බෝතල් තහනම් කර ඇතැයි වාර්තා වනවා.

Read More »

මෙල්බන්හි මාර්ගයක ඇවිද යමින් සිටි කාන්තාවකට පිහි ප්‍රහාරයක්

අද උදෑසන මෙල්බර්න් නගරයේ කාර්යබහුල නගර අභ්‍යන්තර මාර්ගයකදී කාන්තාවකට නාඳුනන පුද්ගලයෙකු විසින් පිහියෙන් ඇනීමේ සිදුවීමක් පිළිබඳ පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »