Search

ඔස්ටේ්‍රලියාවේ ලාබාලතම කොවිඩ් මරණය සිඩ්නි නුවරින්

ඔස්ටේ්‍රලියාවේදී කොවිඩ් 19 වැළඳී මියගිය ලාබාලතම පුද්ගලයා බවට 15 හැවිරිදි පිරිමි ළමයෙකු පත් වී තිබේ.

Osama Suduh නම් මොහු සිඩ්නි නගරයේ වාසය කර ඇති අතර Randwick හි පිහිටි Sydney Children’s Hospital හිදී අද අලුයම මියගොස් ඇත.

මියයන විට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Osama Suduh, meningitis රෝගයෙන් ද පෙළෙමින් සිට ඇති අතර ඔහුගේ මරණයට සෘජුවම හේතුව කොවිඩ් වෛරසය වැළඳීමද යන්න මේ දක්වා තහවුරු වී නොමැත.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති මුලු කොවිඩ් මරණ ගණන 112 කි.