Search

හෙයිටි රාජ්‍යයේ භූමිකම්පාවකින් 300 ක් මිය යයි

හෙයිටි රාජ්‍යයට බලපෑ ප්‍රබල භූමිකම්පාවෙන් මේ වනවිට මියගිය සංඛ්‍යාව 304 ක් බව තහවුරු කරගෙන තිබෙනවා.

තවත් 1800 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි එරට වාර්තා වල දැක්වෙන්නේ.

කෙසේවෙතත් සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී සිටින අතර ඒ අනුව මරණ සහ තුවාල ලැබූවන් සංඛ්‍යා තවත් ඉහළ යා හැකි බවටද වාර්තා පළවනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.2 ක ප්‍රබල භූමිකම්පාවක් ඊයේ පස්වරුවේ හෙයිටි රාජ්‍යයට බලපෑ අතර ඉන් දේවස්ථාන – හෝටල් ඇතුලු ගොඩනැගිලි රැසකට දැඩි හානි සිදුවී තිබෙනවා.

සහන සේවා කටයුතු පහසු කිරීම සඳහා හෙයිටි බළධාරීන් විසින් මාසයක කාලයක් සඳහා හදිසි තත්වයක්ද රට තුළ පණවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කලේ.

මේ අතර අමෙරිකාව ඇතුලු රටවල් ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ වහාම සහන කණ්ඩායම් හෙයිටි රාජ්‍යය වෙත පිටත්කර යවන බවයි.

2010 වසරේදීද හෙයිටි රාජ්‍යයේ සිදුවූ ප්‍රබල භූමිකම්පාවකින් ලක්ෂ 02 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »