ලබන මස එන මොඩර්නා මාත්‍රා පළමුවෙන් 20 ත් 30 ත් අතර තරුණ තරුණියන්ට

ලබන මාසයේදී ඔස්ටේ්‍රලියාවට පැමිණීමට නියමිත මොඩර්නා එන්නත් මාත්‍රා වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණ තරුණියන්ට පළමුවෙන් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබේ.

එම එන්නතේ ක්‍රියාකාරීත්වයද ෆයිසර් එන්නතට සමානය.

අනතුරුව නොවැම්බර් – දෙසැම්බර් වනවිට වයෝවෘද්ධ පුද්ගලයන් සඳහාද මෙම එන්නත ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

පළමු අධියර යටතේ මොඩර්නා එන්නත් මිලියනයක් ඔස්ටේ‍රලියාවට ලැබීමට නියමිතයි.

දැනට මෙරට භාවිතයට ගන්නේ ෆයිසර් හා ඇස්ට්‍රා-සෙනෙකා එන්නත් පමණි.

සේවකයන්ට හිග වැටුප් ගෙවන්න සුපිරි වෙළඳසැලකට නියෝගයක්

වික්ටෝරියානු කම්කරුවන් 1200කට පමණ ඩොලර් මිලියනයකට වැඩි නිවාඩු හිමිකම් ගෙවීමට අපොහොසත් වූ බවට Woolworths සුපිරි වෙළඳසැල පිළිගැනීමත් සමග ඩොලර් මිලියන 1.2ක දඩ මුදලක් පනවා තිබෙනවා.

Read More »

ජීවන වියදම් අර්බුදය නිසා ඔස්ට්‍රේලියානුවන් නිවාස රක්ෂණයෙන් ඉවත් වෙයි

ජීවන වියදම් අර්බුදය හමුවේ වාරික ගාස්තු ඉහළ යාම හේතුවෙන් ඇතැම් ඔස්ට්‍රේලියානු නිවාස හිමියන් නිවාස රක්ෂණයෙන් ඉවත් වී ඇතැයි අනාවරණ වී තිබෙනවා.

Read More »