NSW දෛනික වැඩිම ආසාධිතයන් ඊයේ / ආසාධිතයන් 390 යි – මරණ 02 ක්

ගතවූ පැය 24 තුළදී නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් 390 දෙනෙකු හඳුනාගෙන තිබේ.

එය මේ දක්වා එක් දිනයකදී NSW ප්‍රාන්තයෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයන් සංඛ්‍යාවයි.

ගතවූ පැය 24 තුළදී ප්‍රාන්තයෙන් මරණ 02 ක් සටහන්වී ඇත.

වයස අවුරුදු 70 ක් පමණ වන පිරිමි අයෙකු සහ අවුරුදු 40 ක කාන්තාවක ඒ අතර වනවා.

මේ අනුව වසංගතය ආරම්භයේ සිට සිඩ්නි නගරයෙන් සටහන්වූ මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 95 දක්වා වැඩි වේ.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඊයේ දිනය තුළ පරීක්ෂණ 127,988 ක් සිදුකර ඇති අතර ආසාධිතයන්ගෙන් 101 ක් සමාජයේ සැරිසරා ඇතැයිද වාර්තා වෙයි.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »