මෙල්බර්න් Lockdown තවත් දීර්ඝ කෙරේ ??? නිවේදනය අද උදේ

MELBOURNE VICTORIA

මෙල්බර්න් නාගරික කලාපය සඳහා පණවා ඇති Lockdown තත්වය තවත් දීර්ඝ කෙරෙනු ඇති බවට අනාවැකි පළවනවා.

ඒ සම්බන්ධ නිල නිවේදනය අද පෙරවරුවේ නිකුත් කිරීමට නියමිතයි.

සැලසුම් කර ඇති පරිදි Lockdown තත්වය අවසන්වීමට නියමිතව ඇත්තේ හෙට (12) රාත්‍රී 08 ටයි.

එහෙත් පෙරේදා දිනයේදී තවත් ආසාධිතයන් 20 ක් හමුවීම සුලුවෙන් තැකිය නොහැකි බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

මින් 15 දෙනෙකුම වෛරසය තිබියදී සමාජය තුළ සැරිසරා තිබීම ප්‍රධාන හේතුවක් වී තිබේ.

කෙසේවෙතත් Regional වික්ටෝරියා කලාපය මේ වනවිට Lockdown තත්වයෙන් මුදා හැර ඇත.

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »