Search

අගමැති මොරිසන්ගේ ජනප්‍රියත්වය 47% දක්වා පහළ බසී

කොවිඩ් වසංගතය ආරම්භයෙන් පසු ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය පහළම අගය වාර්තා කර තිබෙනවා.

නිරතුරුව රටේ විවිධ ප්‍රදේශ ලොක්ඩවුන් කිරීමත් එන්නත්කරණය පසුගාමී තත්වයක පැවතීමත් මීට හේතුව බවටයි නවතම සමීක්ෂණයක දැක්වෙන්නේ.

The Australian පුවත්පත විසින් මෙම සමීක්ෂණය සිදුකර තිබූ අතර මේ වනවිට අගමැතිවරයාගේ ජනප්‍රියත්වය දැක්වෙන්නේ සියයට 47 ක් ලෙසයි.

2019 වසරේ පැවති දරුණු ලැව්ගිනි තත්වයෙන් පසු ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය මෙතරම් පහළ අගයකට ඇද වැටුණු පළමු අවස්ථාවද මෙයයි.

මේ අතර අගමැතිවරයා නියෝජනය කරන ලිබරල් පක්ෂයේ ජනප්‍රියත්වයද කැපී පෙනෙන අන්දමින් පහළ ගොස් ඇති බවයි The Australian පුවත්පත සඳහන් කරන්නේ.

කොවිඩ් පළමු රැල්ල ආරම්භයේදී ඔස්ටේ්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ගේ ජනප්‍රියත්වය සියයට 85 ක් තරම් ඉහළ අගයක පැවතුණා.

Source : https://www.reuters.com/world/asia-pacific/australia-pms-ratings-hit-pandemic-lows-amid-lockdowns-2021-08-08/

දින 8කට පසු ඔස්ට්‍රේලියානු $ අගය වෙනස් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (16) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 188 කට ආසන්න වී තිබෙනවා.

Read More »

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ට පිහි ඇනුමක්

බොලිවුඩ් සුපිරි නළු සයිෆ් අලි ඛාන්ගේ මුම්බායි නිවසට අනවසරයෙන් ඇතුළු වූ අයෙක් ඔහුට පිහියෙන් ඇන ඇති බවට NDTV පුවත් සේවය වාර්තා කරනවා.

Read More »