Search

Lockdown එපා කියා මෙල්බර්න් විරෝධතා / පොලිස් නිළධාරියෙකුට බිම දමා පහර දෙයි / 15 ක් අත්අඩංගුවට

වික්ටෝරියා Lockdown තත්වයට විරෝධය පළකර පැවති විරෝධතාවයකට සහභාගී වූ පුද්ගලයන් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එමෙන්ම තවත් 31 දෙනෙකුට එරෙහිව චෝදනා ගොණු කරන බව වික්ටෝරියා පොලිසිය කියයි.

මේ අතර විරෝධතා පාලනයට කටයුතු කල පොලිස් නිළධාරියෙකුට බිම දමා පහරදීමේ සිදුවීමක්ද වාර්තා වී ඇත.

Melbourne East පොලිස් ස්ථානය අසලදී මෙම පහරදීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් රාජකාරියට බාධා කිරීම කිසිදු අයුරකින් අනුමත කල නොහැකි බව North West Metro සහකාර පොලිස් කොමසාරිස් Luke Cornelius කියාසිටී.

Flinders Station අසලින් ඊයේ රාත්‍රී 07 ට පමණ ආරම්භවූ මෙම විරෝධතාවයට හේතුවී ඇත්තේ මෙල්බර්න් නගරයට පැණවූ 06 වන තත්වය ඉවත් කර ගැනීමයි.

Pic – 09News

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »

රොකට්ටුවකින් වාර්තාවක් තැබීමට යන ඔස්ට්‍රේලියාව

ඕස්ට්‍රේලියාව අභ්‍යවකාශ හා නිෂ්පාදන ඉතිහාසයේ වාර්තාගත මොහොතකට සූදානම් වනවා. ඒ Gilmour Space  සිය පළමු Eris rocket යානය බ්‍රහස්පතින්දා උදෑසන අභ්‍යවකාශයට යැවීමට වන සූදානමත් සමගයි. මෙය

Read More »