Search

ලබන 10 දා සංගණනයේදී අමතර භාෂාව ලෙස “සිංහල” යෙදීමේ වාසි මෙන්න

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය එළඹෙන අගෝස්තු 10 වන දින අඟහරුවාදා පැවැත්වීමට නියමිතය.

මේ වන විට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන්, ස්ථිර පදිංචි ලාභීන්, ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා ලාභීන්, සංචාරක වීසා ලාභීන්, කුඩා දරුවන් වැනි සියලුම පුද්ගලයින්ට මේ සඳහා සහභාගී විය හැකිය.

සංගණනයට සහභාගී වීම අනිවාර්ය වන අතර සාධාරණ හේතුවක් නොමැතිව එසේ කිරීමට අපොහොසත් වුවහොත්  විශාල දඩ මුදල් ගෙවීමට සිදුවේ.

මෙහිදී ඉංග්‍රීසි භාෂාවට අමතරව නිවසේදී කතා කරන භාෂාව පිළිබද ප්‍රශ්නයට “සිංහල” යනුවෙන් ඇතුල් කිරීමට ඔබට හැකියාව පවතී.

සිංහල භාෂාව කතා කරන පිරිස වැඩි බව සංගණනයෙන් හෙළි වුවහොත් ලාංකික ප්‍රජාවේ විවිධ ප්‍රජා කටයුතු සදහා රජයේ ප්‍රතිපාදන වෙන් කර ගැනීමේදී වාසි අත් වේ.

  • ලාංකික සංස්කෘතික අංග රැක ගැනීමට
  • සිංහල භාෂා පාසල් වැඩි කර ගැනීමට
  • ප්‍රජා මධ්‍යස්ථාන ඉඩ පහසුකම් වැඩි කර ගැනීමට

මෙවර සංගණනය Online ක්‍රමයට පැවැත්වීමට වැඩි අවධානයක් යොමු කර ඇති අතර කඩදාසි පත්‍රිකාව පිරවීමෙන්ද ඊට සහභාගී විය හැකිය.

2021 සංගණනයෙන් ඕස්ට්‍රේලියාවේ මිලියන 25 කට අධික ජනතාවගෙන් සහ මිලියන 10 ක නිවාස වලින් දත්ත රැස් කෙරේ.

සෞඛ්‍ය, ප්‍රවාහන, පාසල්, යටිතල පහසුකම් ආදි රජයේ වැදගත් තීරණ ගැනීම සඳහා මෙම තොරතුරු භාවිතා කෙරේ.

2021 ඔස්ටේ්‍රලියානු සංගණනය පිළිබඳ සියලු තොරතුරු මෙතැනින්

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »